මෙරට ප්‍රධාන දිස්ත්‍රික්කයක උපත් පාලන කොපු ප්‍රසිද්ධ තැන් වල ස්ථාපිත කරයි..

Polonnaruwa Sri Lanka
By Aruna Dec 05, 2022 06:33 AM GMT
Aruna

Aruna

Report

ඒඩ්ස් රෝගීන් වේගයෙන් ඉහළ යාම මත පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ස්ථාන වල ස්ථාපිත කරන ලද කවුළු හරහා උපත් පාලන කොපු පනස් දහසක් මසකට නොමිලේ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් මස අවසානය දක්වා ඒඩ්ස් ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇති බවයි.

දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 82 ක් වන අතර මෙම වැඩිම පිරිසකට වෛරසය ආසාදනය වී ඇත්තේ සමලිංගික ඇසුරැ නිසා බවත් හෙළි වී ඇත.

මෙම හේතුවෙන් මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවල කොණ්ඩම් කවුළු ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now