කාබනික පොහොර සමාගම් 20 කින් මෙරටට ගෙන එයි..දැඩි අවධානමක් වෙයි??

India Sri Lanka Colombo port Compost chemical Mahindananda aluthgama
By Aruna Jun 10, 2021 01:15 AM GMT
Report

කාබනික පොහොර බහාලුම් කිහිපයක් පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආනයනය කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඔහු සඳහන් කරන්නේ කාබනික පොහොරෙ අඩංගු කන්ටේනර් තුනක් දැනටමත් කොළඹ තොටළඟ පිහිටි කන්ටේනර් අංගනයේ අසුරා තිබෙන බවයි.

ඉන්දියාවේ සිට මෙම කාබනික පොහොර තොගය එම සමාගම විසින් ආනයනය කර ඇතැයි ද ඔහු පැවසීය.

ශාක නිරෝධායන පනත සහ සත්ව නිරෝධායන පනත යටතේ මෙරටට කාබනික පොහොර ආනයනය තහනම් තත්ත්වයක් යටතේ ඒවා ආනයනය කළේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

කෙසේ වෙතත් මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ දැනටමත් මේ රටට කාබනික පොහොර සමාගම් 20ක් හරහා ආනයනය කරන බවයි.

කෙසේ වෙතත් කාබනික පොහොර ඉදිරියේදී ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බවද කී ඇමැතිවරයා අවශ්‍යතාවයක් වූවොත් පමණක් නයිට්‍රේට් දියර පමණක් පමණක් ආනයනය කරන බවද කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now