පකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත මහතා වෙනුවෙන් පකිස්තානය ලබා දෙන වන්දි මුදල
PAKITAS
PRIYNTHA KUMARA
COMPESATION
IMRAN KHAN
By Sewvandhi
ප්‍රචණ්ඩ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට ආගම භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලාංකික කර්මාන්තශාලා සේවකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීමේ උත්සවයට එක්වෙමින්.
ප්‍රියන්ත කුමාරගේ වැටුපද නොකඩවා ගෙවන බවත්, සියල්කොට් ව්‍යාපාරිකයන් ඔහු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100,000ක් එකතු කර ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
එමෙන්ම ,පාකිස්තානයේ දී අමානුෂික අන්දමින් ඝාතනය ලක්වූ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාරගේ බිරිඳට සහ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක ප්‍රධානයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මානුෂීය පදනම මත මෙම ප්‍රධානය සිදුකිරීම සඳහා වන යෝජනාව කම්කරු අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමුකර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)