අරගලයට උර දුන් - ජනපති මැදුරේ තාප්පෙන් වැටුණු කමාන්ඩෝ සෙබළා මාස 6 කට පසු මියයයි.

Sri Lankan protests SL Protest
By Wayomi Jan 17, 2023 08:08 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය වසරේ පැවති ජන අරගලයේ දී සිදු වූ සිද්ධියකදී හිස් කබලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් යුද හමුදා විශ්‍රාමික කමාන්ඩෝ සෙබළකු මාස 6කට පසු මියගොස් තිබෙනවා.

ඒ, ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ, මාතර දෙවිනුවර වැලිමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි ඩී.ජේ.එල්. ජයසේන නමැති පුද්ගලයෙකි.

ඔහු ජූලි 09 වෙනිදා කොටුව ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමට යාමේදී ආරක්ෂක පවුරු බිද දමා ඉදිරියට ගමන් කළ අරගලකරුවන් අතර ඉදිරියෙන්ම සිටි පුද්ගලයෙක් වෙනවා.

මහ බැංකුව ආසන්නයේ ඇති ගේට්ටු බිද ජනාධිපති මැදුරට ඇතුළුවීමට උත්සහ දරමින් සිටි ඔහු ඒ අසල වූ තාප්පයකට ගොඩවී සිටියදී එල්ලවූ ප්‍රහාරයක් හේතුවෙන් බිමට වැටීමෙන් හිසට බරපතල හානි සිදු වීමෙන් ඔහු මෙලෙස අනතුරට පත්වුණා.

ජයසේන මහතා හිස් කබලට බරපතළ තුවාල සිදු වීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දී හිසෙහි සිදු කර ලද සැත්කමකින් පසු කාලයක් ප්‍රතිකාර ලබා නිවසටවී කාලය ගත කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් මාසයේ 19 වෙනිදා තත්වය උත්සන්නවීමෙන් යළි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර කරනු ලැබුවා.

ඒ අනුව එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW