අත්හිටුවූ කොටස් වෙළෙඳපොළ යළි ඇරඹෙයි - 9න් පසු ලැබුණු සියලුම ඇණවුම් සම්බන්ධයෙනුත් දැනුම්දීමක්
සුරැකුම්පත් කොමිසමේ එකඟතාව මත අද (07) දින වෙළෙඳපොළ අත්හිටුවීමට පෙර සියලු ගනුදෙනු අවලංගු කළ වහාම, වෙළෙඳපොළ කටයුතු නැවත අරඹා ඇත.
කෙසේ වුවද පෙරවරු 9.00න් අනතුරුව ලබාදුන් සියලුම ඇණවුම් බලරහිත කර ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී ඇත්තේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අද ( 07) උදෑසන 9.53ට තාවකාලිකව අත්හිටුවා ඇති බව මින් පෙර වාර්තා විය.
ඒ අද දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් හේතුවෙන් බව සඳහන්.