හෙට උදේ ඉඳලා කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය වැසෙයි ද?. පොලීසියෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

හෙට (08) දිනයේ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් ගමනාගමනය සීමා කර තිබෙනවා.

හෙට උදේ ඉඳලා කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය වැසෙයි ද?. පොලීසියෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න. | Colombo Kandy Road

එම මාර්ගය දෙපස අවදානම් ගස් සහ දිරාගිය අතු කොටස් ඉවත් කිරීම හා අවදානම් පාෂාණ කොටස් ඉවත් කිරීමේ කටයුතු හෙට පෙරවරු 10 සිට අනිද්දා (09) පෙරවරු 6 දක්වා සිදුකිරීමට නියමිතය.

ජනප්‍රිය නිළියක් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටිය දී වහාම අත්අඩංගුවට..(PHOTOS)

ජනප්‍රිය නිළියක් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටිය දී වහාම අත්අඩංගුවට..(PHOTOS)


ඒ අනුව එම මාර්ගය හෙට සවස 6 සිට පැය 3ක තුනක කාලයක් සම්පූර්ණයෙන්ම වසා තැබීමට කටයුතු කරනු ලබයි.

ඒ බව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්දෙනු ලැබීය.

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..

ශවේන්ද්‍ර සිල්වා ගැන විශේෂ තීරණයක් ගනී - වහාම ගැසට් නීවේදනයකුත් නිකුත් කරයි..


කෙසේ වෙතත්, ඒ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගය භාවිත කරන මහජනතාවට ඇති වන අපහසුතා මඟ හරවා ගැනීමට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

01.කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොළ, අ‍ඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ මහනුවරට.

02.කෑගල්ල කරඬුපන හරහා රඹුක්කන හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවරට

03.මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගය ඔස්සේ මහනුවරට