ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට (27) පෙරවරු 9.00ට විවෘත කිරීමට නියමිතව තිබේ.
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ය.
මෙම පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 06 වැනිදා දක්වා දින පැවැත්වීමට නියමිතව ඇත.
මෙහි වෙළඳ කුටි 400කට ආසන්න සංබ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට වෙන් කර ඇති බව ද වාර්තා වේ.
මෙම කාලය තුළ පොත් ප්‍රදර්ශනයට අමතරව පොත් එළිදැක්වීමේ උත්සව සහ සංස්කෘතික සහ ගීතමය ප්‍රසංගද පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසී ය.
