කොළඹ නාගරික ප්‍රජාවට නරක ආරංචියක් - ජනවාරි මාසයේ
2026 ජනවාරි මාසය වෙනුවෙන් වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව අඳාළ ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ජනවාරි මාසය සඳහා සියයට 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එසේම එය 2025 දෙසැම්බර් මාසයේදී වාර්තාවී තිබුණේ, සියයට 2.1ක් වශයෙන්.
එමෙන්ම 2026 ජනවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 3.3 දක්වා වැඩිවී ඇති අතර 2025 දෙසැම්බර් මාසයේදී එය සියයට 3.0ක් වශයෙන් වාර්තා වී තිබෙනවා.
තවද 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 1.8%ක් වශයෙන් පැවැති අතර, 2026 ජනවාරි මාසය සඳහා ද එම අගය සියයට 1.8ක් වශයෙන් නොවෙනස්ව පවතින බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.