තැපෑලේ සේවක පුරප්පාඩු 4500ක්

Government Employee Latest Headlines Postal Strike Sri lanka Post Sinhala news
By Shehan Aug 25, 2025 02:34 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2024 වර්ෂයට අදාළ වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව, දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවලට අයත් පුරප්පාඩු 4,573ක් පවතින බව හෙළි වී ඇත. මෙම පුරප්පාඩු අනුමත කාර්ය මණ්ඩලයෙන් සියයට 32ක ප්‍රමාණයකි.

වාර්තාවේ දැක්වෙන පරිදි, තැපැල් කාර්යාලවල මෙහෙයුම් කටයුතු සිදුකරන ශ්‍රේණි 1, 2, සහ 3 යටතේ තැපැල් සේවා නිලධාරීන් 1,662කගේ පුරප්පාඩු පවතී. එසේම, සහායක කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 2,145ක්ද විධායක මට්ටමේ සිට ප්‍රාථමික ශ්‍රේණි දක්වාම පුරප්පාඩු පවතින බවද සඳහන් වේ.

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් සේවා සඳහා ඒකාබද්ධ කාලසටහනක්

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් සේවා සඳහා ඒකාබද්ධ කාලසටහනක්

මෙම විශාල පුරප්පාඩු සංඛ්‍යාව හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බරපතල අභියෝග එල්ල වී ඇත. තැපැල් කාර්යාල කවුළු කටයුතු, තැපැල් ප්‍රවාහනය, තැපැල් බෙදාහැරීම, සහ අභ්‍යන්තර මානව සම්පත් සංවර්ධන කටයුතු ඇතුළු සියලුම මෙහෙයුම්වලට මෙම හිඟය බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

තැපැල් කාර්යාල 4,000කට ආසන්න සංඛ්‍යාවක ජාලගත මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණවල හිඟයද බරපතල ගැටලුවක් බවට පත්ව ඇත. බොහෝ උපතැපැල් කාර්යාල පරිගණක තාක්ෂණයෙන් තොරව කටයුතු කරන අතර, මෙම උපකරණ ලබාදීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම තවත් අභියෝගයකි.

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ උපතැපැල් කාර්යාලවල ස්ථානාධිපතිවරු තම පෞද්ගලික දුරකථන භාවිතයෙන් ජාලගත සේවා සපයන බවද වාර්තාවේ සඳහන් වේ. 

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්