කොළඹ දිසා අධිකරණයට ප්රශ්නයක්
කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පිහිටි වැසිකිළි පද්ධතියක අපජලය පහළ මහලේ පිහිටි ප්රධාන ලේඛනාගාරයට කාන්දු වීම හේතුවෙන් එහි රාජකාරි කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බව සේවකයෝ ප්රකාශ කර තිබේ .
වසර සිය ගණනක් පැරණි මෙම ගොඩනැගිල්ලේ මේ දිනවල ප්රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතී. අපජලය නිසා කොළඹ දිසා අධිකරණයේ ලේඛනාගාරයේ වැඩකටයුතු වලට බාධා එම වැඩකටයුතු අතරතුර මෙලෙස අපජලය පහළට ගලා ඒම ආරම්භ වී ඇති බව වාර්තා වේ.
ඒ වගේම පැරණි ලී සොල්දරයක් මත ඉහළ මහල පිහිටා තිබීම නිසා අපජලය කාන්දු වීම සීඝ්රයෙන් සිදුව තිබේ.
අධිකරණ නිලධාරීන් රාජකාරිවල නිරතව සිටියදීම මෙම අපජලය කාන්දු වී තිබෙන බවත් ඒ හේතුවෙන් ලේඛනාගාරයේ විදුලිය ද විසන්ධි වී ඇත.
ඒ වගේම ආරක්ෂිත පියවරක් ලෙස සහ සෞඛ්යාරක්ෂිත ගැටලු හේතුවෙන් ලේඛනාගාරයේ සියලු වැඩකටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත.