කොළඹට භයානක තත්ත්වයක්..ජනතාවගෙන් රතු එළියක්.
කොළඹ ජනයාගේ මාස්ක් නිකටේ කොළඹ නගරයේ සැරිසරන බොහෝ දෙනකුගේ හැසිරීම සෞඛ්‍යාරක්ෂිත නොවන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.
කොළඹ නගරය සැරිසරන බොහෝ පිරිසකගේ මුඛ ආවරණ පවා දැකිය නොහැකි බවද ඔහු සඳහන් කරයි.
තමා කොළඹ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් බොහෝ පිරිස් මුව ආවරණ නිකටේ පැලඳ සිටිනු එහිදී දැකගත හැකි වු බවත් ඔහු පවසයි.
මෙය ඉතාම භයානක තත්ත්වයක් බවත් අඩු තරමින් තව වසර දෙකක්වත් නව සාමාන්‍යකරණය යටතේ ජීවත් වීමට සිදු වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේ ම සහයෝගය ඉතාම වැදගත් බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසදය පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළේ, ජනතාව සෞඛ්‍ය මර්ගෝපදේශ නිසිලෙස අනුගමය නොකළහොත් යළිත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.
“පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේ ම සහයෝගය ඉතාම වැදගත්.
රෝගය සමාජය තුළ පැතිර යෑමේ සීඝ්‍රතාවය මතයි කොපමණ ඉක්මනින් මේ පාසල් ශ්‍රී ලංකාව පුරාම සියලු දරුවන්ට විවෘත සිදුකරන්න පූළුවන් ද කියන එක තීරණය වෙන්නේ. අදියර වශයෙන් මේක සිදුවෙමින් පවතිනවා.
මේ තත්ත්වය තවදුරටත් පාලනය කරගත්තොත්, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ දරුවන් පාසල් යැවීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍යයි.
ඒ වගේම සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ සමහර ජනතාව සෞඛ්‍ය පුරුදු භාවිතයෙන් ඈත් වෙමින් තිබෙන බව නිරීක්ෂණය වී තිබෙනවා.
මෙම තත්ත්වය ඉතාම භයානක බවත් මෙම නිසා පසුගිය සිංහල අවුරුදු පොකුර මෙන් නැවත කෝවිඩ් පොකුරක් නිර්මාණය වීමේ වැඩි අවදානමක් තිබෙනවා.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |