මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දින දෙකක් ඇතුළත් එහි ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව බව ප්‍රකාශ කර තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමා මේ බව සඳහන් කර තිබේ .
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සදහන් කළේ මෙවන් අදහසක්
''අලාභ හානි වෙච්ච දුම්රිය අපිට ලොකු පාඩුවක්..මොකද දුම්රිය බල ඇණිය අපේ අඩුයි.. ඒ අලාභය අපිට තියනවා.. ඒකත් ඉක්මනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
නමුත් ඒ වෙනුවෙන් අපිට දුම්රියක් යොදන්න වෙනවා. ඒ සඳහා සාකච්ඡාවන් මේ වන විට සිදුවෙමින් පවතිනවා. ''
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබුණේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදීය. පීලි පැනීමෙන් දුම්රිය ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයකට දැඩි හානි සිදුව තිබේ.
මෙම පීලි පැනීමෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට පානදුර දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එතැන් සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් දුම්රිය මගීන් දකුණු කළුතර දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරනු ඇති බවත් එතැන් සිට මාතර හා බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සිදු කිරීමටත් පියවර ගෙන ඇති බවයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වත්මන් තත්ත්වය ගැන දැනුම්දීමක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වත්මන් තත්ත්වය ගැන දැනුම්දීමක්
එමෙන්ම අද සවස් කාලය ගතවිමට පෙර දුම්රිය මාර්ගයේ අවහිරයන් ඉවත් කර එක් මාර්ගයක් දුම්රිය ධාවනය සඳහා යෙදවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් එම දෙපාර්තුමේන්තුව සදහන් කර ඇත.