අයහපත් කාළගුණය සම්බන්ධයෙන් දරුණු නිවේදනයක්..
By Sithumi
ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බවය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයෙන් සඳහන් කරයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.