කොවිඩ් අවධානම නිසා එක් නගරයක් පමණක් වසා දැමීමට තීරණය කරයි.
Corona
Australia
Lock down
World
Melban city
By Aruna
කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා යලි ගත තීරණය කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව වැඩිම දින ගණනක් අඛණ්ඩව වසා තැබූ නගරය බවට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හෙට පත්වනවා.
අදට එම නගරය වසා දමා දින 245ක් වනවා.
මෙතෙක් අඛණ්ඩව වැඩිම දින ගණනක් වසා තැබූ නගරය බවට පත්වී ඇත්තේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරයයි.
කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය අද එම වාර්තාව සමකර තිබෙනවා.
හෙට දිනයේදීත් මෙල්බන් නුවර වසා තැබීමෙන් අනතුරුව වැඩිම දින ගණනක් අඛණ්ඩව වසා තැබූ ලොව එකම නගරය බවට මෙල්බර්න් පත්වනු ඇති.
පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තවත් සති තුනක් මෙල්බර්න් නුවර වසා දැමීමටයි ඔස්ට්‍රේලියා බලධාරීන් තීරණය කර ඇත්තේ.
පවතින සංචරණ සීමා ලිහිල් කිරීම වෙනුවෙන් එරට පුරවැසියන් එන්නත් කිරීමේ කටයුතු වේගවත් කිරීමට ද කටයුතු සැලසුම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |