ප්‍රධාන නගර 07ක් වහාම ක්‍රියාත්මකවන පරිදි වසා දැමේ...එම නගර මෙන්න.

Covid Sri Lanka Lock down Isolating
By Aruna Aug 20, 2021 01:05 AM GMT
Aruna

Aruna

Report

ප්‍රදේශ රැසක වෙළෙඳසැල් මේ මස අවසානය දක්වා වසා දැමේ රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් නගර කිහිපයක වෙළෙසැල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට වෙළෙද සංගම් කිහිපයක් ස්වෙච්ඡාවෙන් තීරණය කර තිබේ.

එම නගරවල ඉන්ධන පිරවුම්හල්, ඖෂධ අලෙවිසැල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි.

එලෙස වසා දැමෙන නගර පිළිබද තොරතුරු පහතින් වේ….

කුරුණෑගල දස්ත්‍රික්කයේ වාරියපොළ ලබන 22 වැනිදා සිට සතියක කාලයක් කඩ සාප්පු වසා දැමිමට තීරණය කර ඇත.

පස්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඌරුබොක්ක නගරය අද (20) සිට දින 10ක කාලයක් වසා තැබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ නගරය දිනකට දෙක බැගින් සහ අවශ්‍යතාව අනුව විවෘත කර තැබීමටත් තීරණය කර ඇත.

කිලිනොච්චිය නගරය අද (20) සිට දින පහක කාලයක් වසා දැමීමට තීරණය කර ඇත.

හික්කඩුව නගරය අද (20) සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව නගරය 21 දින සිට සතියක කාලයක් වසා දැමිමට තීරණය කර ඇත.

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර නගරය 21 වැනිදා සිට 30 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now