මෙරට කුරුඳු නිෂ්පාදකයින්ට සතුටුදායක ආරංචියක්..නව රජය කරන්න යන විශේෂ දේ මෙන්න.

Sri Lanka Government Of Sri Lanka Ministry of Agriculture Businessman Export
By Aruna Dec 28, 2024 08:11 AM GMT
Aruna

Aruna

Report

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලැබේ.

පළමු වරට 180 ක් සමග මත්තල ගුවන් තොටුපොලට ආ අමුත්තා මෙන්න..

පළමු වරට 180 ක් සමග මත්තල ගුවන් තොටුපොලට ආ අමුත්තා මෙන්න..


දැනට කුරුඳු අපනයනය තුළින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා බවයි, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසා සිටියේ.

එම ආදායම දෙගුණයක් කිරීම සඳහා සැලසුම් සකස්කර ඇති බවයි හෙතෙම කියා සිටියේ.

ඒ අනුව සාම්ප්‍රධායිකව කුරුඳු වගාකර තිබෙන ගාල්ල, මාතර හම්බන්තොට ප්‍රදේශවලට අමතරව කුරුණෑගල, පුත්තලම හා මහවැලි කලාප වැනි ප්‍රදේශවල කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් සකසා තිබේ.

මේ අතර චීනය සමග මේ වනවිට කුරුඳු අපනයනය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි, ජනක ලින්දර මහතා පවසා සිටියේ.

එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ජනවාරි මස සිට චීනයට ද කුරුඳු අපනයනය කිරීමට අවස්ථාව හිමිවන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව යුරෝපා සංගමය ඇතුළු රටවලටද කුරුඳු අපනයනය වැඩිකිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු 20යි 20 තරඟය ඇරඹෙයි..අද තරඟයේ විශේෂත්වය මෙන්න.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු 20යි 20 තරඟය ඇරඹෙයි..අද තරඟයේ විශේෂත්වය මෙන්න.


කෙසේ නමුත් මෙරට කුරුඳු කර්මාන්තයෙන් වැඩි වශයෙන් අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය ලෙසින් වන අතර, එය අගය වැඩිකළ නිෂ්පාදන ලෙසින් අපනයනය කිරීමට හැකිනම් විදේශ විනිමය දෙගුණ කරගැනීමට පහසුවෙන්ම හැකියාව තිබේ.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වී ඇත්තේ, මේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යාපාරිකයින්ව අගය වැඩිකළ නිෂ්පාදන සඳහා පෙළඹවීමට ආධාර උපකාර කිරීමටයි.

You May Like This Video


ReeCha