රට පුරා බන්ධනාගාර වලට CIDයෙන් පනී

Report

 රට පුරා පිහිටි බන්ධනාගාරවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් යොමු කර තිබෙනවා.

ඒ එම බන්ධනාගාර වල ලේඛන පරීක්ෂා කිරීම සඳහායි.

මෙහිදී ජනාධිපති සමාව සහ පොදු සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම සහ නිදහස් නොකෙරූ රැඳවියන් සම්බන්ධයෙන් සියලු ලේඛන පරීක්‍ෂා කිරීමට නියමිතය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් මේ සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගන්නෙ මොකටද? – රාජ්‍ය සේවකයෝ දැන් ගැස්වෙලා - SLPP කියයි

අත්අඩංගුවට ගන්නෙ මොකටද? – රාජ්‍ය සේවකයෝ දැන් ගැස්වෙලා - SLPP කියයි

ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු වෙසක් පොහොය දිනයේ නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයක් මතුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගෙන ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ද හෙට(13) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ

නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ