මම දැන් අවුරුදු 25ක් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා, කැරොලයින් ජූරිව පුහුණු කලෙත් මම-චූලා පද්මේන්ද්‍ර (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Mar 30, 2023 06:17 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ නිරූපණ ක්ෂේත්‍රයේ අවුරුදු 25ක් පමණ කාලයක් ලාංකේය කලා ක්ෂේත්‍රයට මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයට දක්ෂතාවලින් පරිපූර්ණ තරු රැසක් බිහිකළ නිරූපණ ශිල්පයේ හසළ දැනුමක් ඇති දක්ෂ නිරූපණ ශිල්පිනියක් තමයි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ කියලා කියන්නේ.  

ඒ වගේම ඇය ජාත්‍යන්තරයෙන් පවා පැසසුම් ලැබූ දක්ෂතම නිරූපණ ශිල්පිනියක්. ඒත් එක්කම ඇය නිරූපණ ශිල්පිනියක් පමණක් නෙවෙයි, ලංකාව පුරා විසිරී සිටින නිරූපණ ශිල්පය හදාරන්න කැමැති සිසු සිසුවියන්ට නිරූපණයේ සියලු දෑ උගන්වන ගුරුවරියක්. 

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. මේ දවස්වල ඇයගේ නිරූපණ පාසලේ සිසු, සිසුවියන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සූදානම් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ කටයුතු සහ බබාගේ වැඩත් එක්ක ජීවිතේ සතුටින් ගෙවනවා කියලත් ඇය කියනවා.  

ඒ වගේම ඇයනිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා දැන් අවුරුදු 24ක් වෙන නිසා මේ අවුරුද්දේ අවසානයේ දී අවුරුදු 25 සම්පූර්ණ වෙනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඇය පුහුණු කළ කැරොලයින් ජූරි විවාහක රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීම අමතක නොවන සිදුවීමක් කියලත් චූලා කියනවා.