අවශ්‍යතාවයක් සඳහා පන්සලට වැඩම කල බාලවයස්කාර හිමි නමට එම පන්සලේ චීවරධාරියෙකු කල දේ..

Report

අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටි වයස අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරියෙකු 16 වන දින අත්අඩංගුවට ගත් බවත් ,ඒ සම්බන්ධයෙන් තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වර්තා කර සිටියේය .

අද ඔබේ ලෞකික සැප සම්පත් අතින් ඉතාමත් යහපත් දිනයක්..ලග්න 03ක අය කල්පනාකාරීව වැඩ කරන්න..

අද ඔබේ ලෞකික සැප සම්පත් අතින් ඉතාමත් යහපත් දිනයක්..ලග්න 03ක අය කල්පනාකාරීව වැඩ කරන්න..

මෙම සිද්ධියට සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නව නගරය ආසන්නයේ ඇති විහාරස්ථානයක වාසය කල සිටි 22 හැවිරිදි ධීවරධාරියෙකි.

පැමිණිලිකාර හිමිනම වෙනත් විහාරයක හතරවන වසරේ පිරිවෙන් අධ්‍යාපනය ලබන අතර අවශ්‍යතාවයක් සඳහා කලින් සිටි විහාරස්ථානයට වැඩම කල අවස්ථාවේදී සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය පැවසීය .

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඇහුවොත් ඇස් උඩ යන එළවළු මිල මෙන්න..

ඇහුවොත් ඇස් උඩ යන එළවළු මිල මෙන්න..

පැමිණිලි කාර බාලවයස්කාර හිමි නම, මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අත්අඩංගුවට ගත් චීවරධාරියා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.