ජල ගාස්තුව 1500%ක් වැඩිපුර
විදේශීය පාලන සමයේ සිට මේ දක්වා නුවරඑළිය මහ නගර සභා සීමාවේ සියලු ප්‍රදේශ සඳහා නුවරඑළිය මහ නගර සභාව යටතේ බෙදා හරිනු ලැබූ පානීය ජල ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයට පවරා ගැනීමට අවසන් වරට පැවැති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණය වීමත් සමග එම තීරණයට එරෙහිව දැඩි මහජන විරෝධතාවයක් මතු වී ඇත.
නුවරඑළිය මහ නගර සභාවෙන් සාමාන්‍ය ජල පාරිභෝගිකයන්ට හා සංචාරක කර්මාන්තය සඳහා සපයනු ලබන ජල ඒකකයක මිල දැනට රුපියල් 03.00 – 05.00 අතර මුදලක් වේ.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සමිටුවෙන් ගනු ලැබූ යෝජනාවට අනුව ජල සම්පාදන හා ජනප්‍රවාහන මණ්ඩලය වෙත ජල ව්‍යාපෘතිය පවරා ගෙන ජල ඒකකයක මිල රුපියල් 60ක් 65ක් අතර වීමෙන් පාරිභෝගිකයන්ගේ බිල්පත් 1500% -1600% වැඩිවීමක් සිදුවන බව නුවරඑළිය ප්‍රදේශවාසී ජනතාව චෝදනා කරයි. මහජනතාව වැඩිදුර අදහස් දක්වමින් මෙසේද කිහ.
එංගලන්තේ සුද්දාගේ පාලන සමයේ ඉදන් අද වෙනකන් නුවර එළිය ජනතාව බොන්නේ මේ වතුර අප්‍රේල් මාසෙට ටිකක් වතුර හිඟ උනත් මේ වතුර පාචනය හැදිලා කියලා කවුරුත් නැහැ. මීට පෙර පත්වුණු මහ නගර සභාවල මහජන නියෝජිතයන් විසි සැලසුමකට අනුකූලව නුවරඑළිය මහනගර සභාවේ ජල ව්‍යාපෘතිය කළමනාකරණය කරගනිමින් නඩත්තු කරගෙන ගියා. මහජනතාවගේ පරිපෝචනයට අවශ්‍ය වන ජල ධාරිතාවයට වඩා වැඩිපුර ජලධාරිතාවයක් නුවරඑළිය මහ නගර සභාව සතු ජල ව්‍යාපෘතියේ තිබෙනවා. ජල ඒකකයක මිල රුපියල් තුනක් වශයෙන් සාධාරණ මුදලකට ලබාදී බාස් පතා නුවරඑළිය මහ නගර සභාව ලක්ෂ ගණනින් ආදායම් උත්පාදනය කරලා ඒ මුදලින් නුවරඑළිය නගර සංවර්ධන කටයුතුවලට යොදා ගන්නවා.
ජල ඒකකයක මිල රුපියල් තුනක අවම මුදලකට ලබා දීමේදීද අදාළ ජල පිල් පත් ගෙවා ගන්න බැරුව මාසෙකට ජල සැපයුම් 75ක් 100ක් විසද්ධ කිරීමට මහ නගර සභා කටයුතු කරන පසුබිමක සියයට එක්දස් පන්සියයක වැඩිවීමක් කියන්නේ කිසිසේ දරාගන්න බැරි ලොකු බරක් , කලින් හිටපු නගරාධිපති මන්ත්‍රීවරු හරි විදිහට කළමනාකරණය කරලා නුවරඑළි ජනතාවට වතුර දුන්නා නම් වත්මන් පාලනයට එය සිදු කරන්නට බැරිකමක් නැහැ , ඔවුන්ගේ වැඩ බැරිකමට නුවරඑළිය මහ නගර සභාව සතු සම්පතක් වෙනත් ආයතනයකට පැවරීමෙන් නුවරඑළිය සංවර්ධන කටයුතු සඳහා ලැබෙන ආදායම් මාර්ගය නැතිකර ගන්නවත් එක්කම මහජනතාවට දැඩි පීඩනයක් ලබාදීම නුවරඑළිය ප්‍රදේශවාසීන් හැටියට හෙළා දකිනවා, ඒත් එක්කම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය සංචාරක සේවා සපයන සංචාරක ව්‍යාපාර සියල්ලක්ම ජල විල වැඩිවීමත් එක්ක වැටි මුදලක් අය කරන්න සිද්ධ වෙනවත් සමඟම සංචාරක ක්ෂේත්‍රයේ නියැළැල්ලන් සහ සංචාරකයන් දැඩි ලෙස අපහසුතාවයට පත්වෙනවා." ලෙසයි.