චීනය ලෝකයට තවත් විවෘතයි - "අපි ලෝකය වෙළඳ ගන්නවා" - චීන ජනපති කියයි

Report

2026 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කර තිබේ.

ගෙවී යන 2025 වසර චීනයේ "14 වන පස් අවුරුදු සැලැස්ම" අවසන් වසර බවත්, එහිදී චීන ආර්ථිකය නව ඉහළ මට්ටම්වලට ඔසවා තබා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම වසරේ චීන දදේනි යුවාන් ට්‍රිලියන 140ක් දක්වා ඉහළ යාමට බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළේය.

කොන්ඩම් මිල ඉහළට - චීනයෙන් 13% බද්දක් - දැන් දරුවන් වැඩි කරන්න කාලයයි

කොන්ඩම් මිල ඉහළට - චීනයෙන් 13% බද්දක් - දැන් දරුවන් වැඩි කරන්න කාලයයි

චීනය ලෝකය වඩා විවෘතව වැළඳ ගැනීමට සූදානම් බවත්, ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටිමින් සියලු රටවල් සමඟ එක්ව ලෝක සාමය සහ සංවර්ධනය උදා කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීමට කැපවී සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

2026 වසර චීනයේ "15 වන පස් අවුරුදු සැලැස්ම" ආරම්භක වසර වන අතර, එහි ඉලක්ක සහ කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඉහළ ගුණාත්මක සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට, පූර්ණ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය තවදුරටත් ගැඹුරු කරමින් සමස්ත ජනතාවට පොදු සෞභාග්‍යය උදාකර දෙමින් චීන විශ්මිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. චීන ජනාධිපතිවරයාගේ මෙම පණිවුඩය චීනයේ ආර්ථික, විද්‍යාත්මක සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ ධනාත්මක දිශානතිය පිළිබිඹු කරයි.

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

ගම්මන්පිලෙන් බෝම්බයක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කුමන්ත්‍රණය පරද්දන්න සජිත්ට රන් අවස්ථාවක්

ගම්මන්පිලෙන් බෝම්බයක් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කුමන්ත්‍රණය පරද්දන්න සජිත්ට රන් අවස්ථාවක්