චීන යුද අභ්‍යාසයක් හේතුවෙන් ටස්මාන් මුහුද කැලඹේ

China World
By Gagana News Feb 24, 2025 11:10 AM GMT
Gagana News

Gagana News

Report

චීනය විසින් ටස්මාන් මුහුදේ ඉකුත් සිකුරාදා සිදු කරන ලද යුද අභ්‍යාසයක් හේතුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය කැලඹීමට ලක්ව ඇති බව වාර්තා වේ.

චීනයේ යුද පුහුණුවක් හේතුවෙන් සිය ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී ඇති බවට ඔස්ට්‍රේලියාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සඳහන් කර ඇත්තේ ඉකුත් සිකුරාදා කෙටි දැනුම්දීමකින් චීන යුද නැව් සජීවි- වෙඩි අභ්‍යාස සිදු කිරීමෙන් පසු වාණිජ ගුවන්යානා ගමන්මඟ වෙනස් කිරීමට සිදුව ඇති බවයි.

මේ අනුව මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ චීන හමුදාව විසින් ලබා දී ඇති අතිශය කෙටි අනතුරු ඇඟවීමේ කාලසීමාව හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ සහ ජාත්‍යන්තර නීතියට අනුව හැසිරීම නොතකා සිදුකරනු ලබන සජීවි-යුද පුහුණු අභ්‍යාස රටවල් අතර ආතතීන් මතුකර ඇති බවයි.

මේ අතර ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති රිචඩ් මාර්ල්ස් මාධ්‍ය වෙත පවසා තිබුණේ අදාළ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් චීන බලධාරීන්ගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබුණු බවයි. 

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!!

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!!

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්

ReeCha