පුංචි මන්ත්‍රීන්ට ලොකු පුහුණුවක්
පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා පැවසීය.
ලබන ජුනි මස 2 වෙනිදා සභා පිහිටුවීමෙන් පසු සභිකයන්ට මෙසේ පුහුණුව ලබා දෙනු ඇත. පුහුණුව ලබාදීමට විශේෂඥයන්ගේ සහය ගන්නා බවද ඔහු සඳහන් කළේය.