ගිනි ඇවිලෙයි...කාම ලිංගිකත්ව ආසාව....ඔබටත් මේ දේ වුනාද? අවදානයෙන් ...!!! (VIDEO)

Transgender
By Akash May 17, 2025 02:56 AM GMT
Akash

Akash

Report

අද සමාජය ගත්තම ආත්පසින්ම වෙනස් සමාජයක් අපි දකින්නේ. දැනට වසර 10කට පෙර තිබ්බ සමාජයට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් සමාජයක් අපි දකිනවා.

වගකීම් බහුල පිරිසට වඩා වගකීම් රහිත සමාජයක් දැන් තියෙන්නේ. ගොඩක් දේවල් අපි හොරෙන් හංගගෙන හිටපු කාලේ යල් පැනලා දැන් තමන් කැමති ඕනෑම දෙයක් එළිපිට කරන්නට කියන්නට තරම් පුළුවන් සමාජයක් දැන් බිහි වෙලා ඉවරයි.

Anudi ට ඔබේ සහයෝගය අවශ්‍යයි... බොලව් ගේම අතාරින්න එපා...

Anudi ට ඔබේ සහයෝගය අවශ්‍යයි... බොලව් ගේම අතාරින්න එපා...

එහි හොඳ සහ නරක දෙකම තියෙනවා. නමුත් අපි අද සමාජයේ හොඳ පැත්තට වඩා නරක පැත්තට නැඹුරුතාවය වැඩි.

ඒ දේ මම ලියපු පලියට පිලිගන්නත් එපා. ඒත් ඔබ රටේ වගකිව යුතු පුරවැසියෙකු හැටියට මේ දේවල් සම්බන්ධයෙන් පොඩ්ඩක් හොයල බලන්න.

ආසියාවේ යලිත් කොවිඩ් රෝගය හිස ඔසවයි ? රට ලොක්ඩවුන් වෙයිද?

ආසියාවේ යලිත් කොවිඩ් රෝගය හිස ඔසවයි ? රට ලොක්ඩවුන් වෙයිද?

හරි අපි දැන් කාරණාවට එමුකො.  

අද සමාජයේ ලොකුම මාර්කට් එක වෙලා තියෙන්නේ ලිංගිකත්ව කියනවා නම් එය වඩාත් නිවැරදි. සමාජයේ තරුණ තරුණියන්ගේ සිට වැඩිහිටි මහලු අයත් මේ ලිංගිකත්වය කියන මාර්කට් එකට අහු වෙලා ඉවරයි. ලිංගිකත්වය කියන දේ මෙයට කලින් තිබ්බේ නැහැ කියල මට කියන්න අමාරුයි.

නමුත් එදාට වඩා ලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න සමාජයේ වැඩි වෙලා තිබෙනවා. මුලින්ම සමාජය වෙනස් කියල මම සඳහන් කළා. අද සමාජයේ කොල්ලෙක් ආකර්ෂණය වෙන්නේ තවත් කොල්ලෙකුට.

ඒ වගේම කෙල්ලෙක් ආකර්ෂණය වෙන්නේ තවත් කෙල්ලෙකුට. විරුද්ධ ලිංග එකතු වීමකට වඩා සම ලිංගික එකතුවීම තමයි දැන් වැඩි වෙලා තියෙන්නේ. ඉන් විශේෂයි සම ලිංගික විවාහක සහ නීතියෙන් එම විවාහක පිළිගෙන තිබීම.

ඒ නිසා මේ ලිංගික කාම ආසාව නිසා මිනිස්සු කවදාවත් නොකරපු දේවලුත් කරන්න පටන් අරන්.

මම ඒ දේ කෙලින්ම පැවසුවේ සාක්ෂි තියෙන නිසයි... මම පසුගියදා මුහුණු පොත බලාගෙන යද්දී එහි තිබු සටහනක් කියවන්නට ලබුනා. ඒ සටහන මුලින් කියවල ඉමුකො...

Grindr..Dating App එක හරහා සිදුවන හිංසනයන් හා සොරකම් කිරීම් මංකොල්ලකෑම්,පහරදීම්,ලිංගික හිංසනයන් පිළිබදව තොරතුරු මෑතකාලීනව ඉතාමත් දැඩිව වර්ථාවෙමින් පවතිනවා..

මොරටුව,රත්මලාන,පිළියන්දල,මහරගම,කිරිබත්ගොඩ,නුගේගොඩ ආශ්‍රිතව කල්ලි වශයෙන් සැදුම්ලත් පිරිස් සමරිසි හා MSM පුද්ගලයන් ඉලක්කකරගෙන ඔහුන්ව යම් යම් තැන් වෙත ගෙන්වා ගනිමින් මෙම ජාවාරම් සිදුකරන බවත්,(මුදල්,ජංගම දුරකථන,රත්‍රං බඩු)ඔහුන්ගෙ ගොඳුරක් බවට හසුවු එක් පුද්ගලයෙක් සතු ලක්ෂ 08 පමණ මුදල්(පමණක්) ජාවාරම් කල්ලියක් විසින් ලබාගෙන තිබෙනවා.. ඔබටත් මෙවැනි අකරතැම්බයකට ගොඳුරු වීමට සිදුව ඇත්නම්,සිදුවුවානම් ලගම පොළිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න..

පොළිස් ස්ථානය එම නිළධාරීන් ඔබේ පැමිණිල්ල භාරගැනීමට මැළිකමක් දක්වනවානම්,භාර ගැනීම ප්‍රතික්ශ්‍රේප කරනවානම් කරුණාකර අපව සම්බන්ධ කරගන්න..

මෙවැනි App එකක් ඔස්සෙ ඔබ කෙනෙකු මුණගැසීමට යනවානම් පළමුව ඔබේ ආරක්ෂාව ගැන සිතන්න..ඔබ යන තැන,එම පුද්ගලයා පිළිබද තොරතුරු ඔබට විස්වාස කලහැකි කෙනෙකුට ලබා ⁣දී යන්න..

ඔබ සතු වටිනා කියන කිසිඳු දෙයක් රැගෙන නොයන්න..තවද ඔබට එසේ යම් පුද්ගලයකු මුණගැසීමට අවශ්‍යනම් ඔබ දන්නා ඔබේ තැනක් මුණගැසීම් වලට යොදාගන්න..

අනුහස් සන්දරූ

0756089419

ඉතින් මේ ලිපිය දැක්ක ගමන් මට හිතුනා මේ සම්බන්ධයෙන් අපි අහිංසක සමලිංගික ප්‍රජාව මේ සමාජයේ විවිධ පුද්ගලයන්ගේ ග්‍රහණය අහු වෙලා ප්‍රශ්න ප්‍රශ්නවලට පැටලිලා තමන්ගේ ජිවිත විනාශය කරා යාම වලක්වා ගන්න ඕනි කියල. ඒ අනුව අනුහස් සන්දරූට කතා කරලා ගගන මැදිරියට එන්න කියල විස්තර ගොඩක් කතා කළා... සමලිංගිකකුම වෙන්න ඕනි නැහැ... සාමාන්‍ය ඔබත් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඇති.

අපි සමාජයට පණිවුඩයක් කියන්න දාපු පොඩි චැට් එක මේ විඩියෝවෙන් බලන්න...


ReeCha