ආණ්ඩුවෙන් මරණ තර්ජන සහිත ලිපියක් ඇමති නිවසට?

Report

ආණ්ඩුවට පළාත් පාලන බලය ලැබී ඇති හෙයින් අනවශ්‍ය බලපෑම් හා විවේචන සිදු නොකරන ලෙස දන්වමින් ’ප්‍රථම සහ අවසන් දැනුම් දීමයි', 'මරණය' යනුවෙන් සඳහන් කර ලෙස තර්ජනාත්මක ලිපියක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා පසුගිය 14 වන දින තමන් වෙත ලබා දීමට සලස්වා ඇති බව සමග ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.

නාමල් ප්‍රසිද්ධියේ හෙළිකරපු ආණ්ඩුවේ මාෆියාව

නාමල් ප්‍රසිද්ධියේ හෙළිකරපු ආණ්ඩුවේ මාෆියාව

මැදවච්චිය සහ කැබිතිගොල්ලෑව පළාත් පාලන ආයතන වල බලය අනවශ්‍ය ලෙස ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසත්, ආණ්ඩුව විවේචනය කරමින් නිවේදන නිකුත් කිරීමත්, ඒ මගින් සිදුවන බිහිසුණු අන්තරායන්ට මුහුණ දී වන විනාශයට අපි වග නොකියමු , මෙම ලිපිය ප්‍රසිද්ධියට පත්කිරීමෙන් දරුණු විපාකවලට මුහුණපෑමට සිදුවේ, මරණය සඳහන් කර මෙම ලිපිය තැපෑල මගින් ඒවා ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙහ තර්ජනාත්මක ලිපිය සම්බන්ධයෙන් පක්ෂ නායකවරයා සහ කථානායකවරයාව දැනුවත් කිරීමට කටයුතු කළ බවත්, මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් සිදු කළ බව මන්ත්‍රීවරයා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අනුරාධපුරයේ දී මේ තොරතුරු හෙළි කලේය.

කොළඹ බලේ ගන්න අපි සුදානම් - රවී කියයි

කොළඹ බලේ ගන්න අපි සුදානම් - රවී කියයි