මේ වෙලාවේ චීනෙන් ලංකාවට ලැබුණු වටිනම දේ
චීන රජය ශ්‍රී ලංකා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් හා යුවාන් මිලියන 10 ක හදිසි සහන පරිත්‍යාගයක් ලබා දී ඇති අතර, ඒ සමඟම චීන රතු කුරුස සංගමයෙන් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට ඩොලර් 100,000 ක් ද පිරිනම ඇත.
කොළඹ දෑස්තු චීන ව්‍යවසායකයන් හා පුරවැසියන් විසින් රුපියල් මිලියන 10 ක්ද සහන කටයුතු සඳහා පරිත්‍යාග කර තිබේ.
මෙම මුල්‍ය සහන චීන තානාපති චී ෂෙන්හොං මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට භාර දී ඇති බව තානාපති කාර්යාලය ප්‍රකාශ කළ අතර, දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ට චීනය සංවේගය පලකරමින්, ශ්‍රී ලංකාව යථාතත්ත්වයට පත් කර නැවත ගොඩනගා ගැනීමේ උත්සාහයන්ට දිගුකාලීන මිතුරෙකු ලෙස තවදුරටත් සහාය වීමට කටයුතු කරනු ඇති බවද අවධාරණය කළේය.