අපොයි ආපදාවෙන් මසුන් අපනයන කරන මධ්‍යස්ථාන 15ක් විනාශයි

Report

මෙරට ප්‍රමුඛ මත්ස්‍ය අපනයන මධ්‍යස්ථාන 15ක් පමණ ගංවතුරෙන් බරපතළ ලෙස විනාශ වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මඟින් ඉකුත් දිනවල සීදුව ප්‍රදේශයේ පිහිටි නිවා මධු නදි සහ බ්ලූ ලයින් ඕසන් යන මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන කිහිපයක් පරීක්ෂණයට ලක් කළේය.

පරීක්ෂණයෙන් හෙළිවූ වාර්තා අනුව,විදුලි බිඳ වැටීම් නිසා ශීතාගාර ක්‍රියා කර නොමැති අතර මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථාන අඩි 5–6 පමණ ජලයෙන් වැසී විනාශ වී තිබේ.

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

මේ රජයේ සේවකයන්ට 7000ක දීමනාවක්

මෙම ආයතන යුරෝපා සංගමයට මත්ස්‍ය අපනයනය කරමින් විශාල විදේශ විනිමය සපයන බැවින්, ශීතාගාරවලට අවශ්‍ය විදුලිබල සැපයුම හැකි ඉක්මනින් ලබාදිය යුතු බව නියෝජ්‍ය ඇමැතිවරයා විදුලිබල මණ්ඩලයට සහ ලෙකෝ සමාගමේ ඉහළ නිලධාරීන්ට දැනුම් දී ඇත.

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්