ජල මට්ටම ඉහළට - මේ අයට අනතුරු ඇඟවීමක්

Report

කලා වැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද දින (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණා.

එනිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

අද මේ ප්‍රදේශවලට තද සුළං සමඟ වැසි

අද මේ ප්‍රදේශවලට තද සුළං සමඟ වැසි

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

සන්නිවේදන සබදතා බිඳ වැටීමේ අවදානම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්