හදිසියේ චීන හමුදාවෙන් ශ්‍රී ලංකාව ලැබුණ දේ මෙන්න.

China Sri Lanka Covid vaccines China army
By Aruna Aug 25, 2021 04:55 AM GMT
Aruna

Aruna

Report

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබේ.

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලෙස පරිත්‍යාග කර තිබෙන අතර එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවෙනු ඇති බව වාර්තා වේ.

මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 37,593ක් වාර්තා වූ අතර, එය පෙර දිනට වඩා සියයට 47යි දශම 6ක වර්ධනයක් බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඉන්දියාවෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 25,467ක්. එමෙන්ම, පෙරේදා වාර්තා වූ කොරෝනා මරණ 354ට සාපේක්ෂ ව ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් කොරෝනා මරණ 648ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ලබන වසර මුල සිට ඉන්දියාවට නැවතත් කොරෝනා එන්නත් අපනයනය කිරීමට හැකිවනු ඇතැ යි එරට එන්නත්කරණය පිළිබඳ ජාතික තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති එන්.කේ. අරෝරා සඳහන් කළා.

මේ වනවිට ඉන්දියාවේ වැඩිහිටි ජනගහනය මුළුමනින් ම එන්නත් කර අවසන් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now