ළමා රෝහලේත් සී.ටී.පරීක්‍ෂන නවතියි.
Sri Lanka
Hospitals in Sri Lanka
By Hashini
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
එම රෝහලේ ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් එම පරීක්ෂණ ඇණහිට තිබෙන්නේ.
රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කලේ වාර්ෂික සේවා ගිවිසුම් යාවත්කාලීන නොවීම නිසා යන්ත්‍රය නැවත අලුත් වැඩියා කර ගැනීම බරපතල ගැටළුවක් වී ඇති බවයි.
රිජ්වේ ආර්යා ළමා රෝහල දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කළ විශේෂිත රෝහලකි.
රජයේ රෝහල් පද්ධතිය සතු පෙට් ස්කෑන් යන්ත්‍ර අතරින් ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ පරීක්ෂණ ඇණහිට තිබෙනවා.
එහි සේවය කළ නිලධාරින් 03 දෙනාගෙන් දෙදෙනෙකු සේවයෙන් විශ්‍රාම ගැනීම සහ විදෙස්ගතවීම ඊට හේතුව වී තිබෙනවා.
