මාස 18කට ළමා අපයෝජන දොළොස් දහසක්

rape child harassment colombo area Muditha Widhanapathige NCSA
By Sewvandhi Jul 06, 2021 02:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

එම අධිකාරිය පවසන අන්දමට ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4000 කි.

දරුවන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් හතළිස් අට දහසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ මේ දක්වා ලැබී ඇතැයිද සභාපතිවරයා කීය .

මේ අතර දරුවන් සම්බන්ධ අපචාර ,අපයෝජන හා හිංසන වැනි කටයුතු පිළිබඳව නොපමාව තමා අධිකාරියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින සභාපතිවරයා ලැබෙන සෑම පැමිණිල්ලක් පිළිබඳවම විමර්ශන පවත්වන බව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha