සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් එක අයෙක් ජිවිතක්ෂයට

Report

හම්බන්තොට සාමෝදාගම ක්‍රීඩාංගනය අසල දී පාසල් සිසුන් දෙපිරිසක් අතර වූ ගැටුමකින් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අද (5 වැනිදා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසා සිටිනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, හම්බන්තොට බැද්දේවෙල පාරේ පදිංචිව සිටි මොහොමඩ් ෆයිරූස් අශීස් අහමඩ් නමැති ශිෂ්යෙකි. ඔහු හම්බන්තොට පාසලක ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකි.

මෙම ගැටුම ඇති වී ඇත්තේ, මිය ගිය ශිෂ්‍යා වන මොහොමඩ් ඊයේ උපකාරක පන්තියකට සහභාගී වී නැවත එමින් සිටිය දී ය.

ප්‍රථම වතාවට චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සංසරණයට...

ප්‍රථම වතාවට චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සංසරණයට...

ඔහු එන විට මග රැක සිටි තවත් පාසල් ශිෂ්‍යයකු අතර ගැටුමක් ඇති වී, ගැටුමින් තුවාල ලැබූ පාසල් ශිෂ්‍යයා හම්බන්තොට රෝහලට රැගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, සැකකාර ශිෂ්‍යයා හම්බන්තොට පාසලක උසස් පෙළ හදාරන 17 හැවිරිදි අයෙකු වේ.

සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ දබරයක් පිහි පහරක් දක්වා දුර දිග යයි...

සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ දබරයක් පිහි පහරක් දක්වා දුර දිග යයි...

ඔහුද හම්බන්තොට පදිංචිකරුවෙක් වන අතර, ඔහු තම පියාට අයත් ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

එම අඳාල සිසුවා පැමිණි ත්‍රී රෝද රථය ඊයේ රාත්‍රී හම්බන්තොට මූලස්ථාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්නගේ උපදෙස් පරිදි හම්බන්තොට මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.