පියා පැදවූ ට්‍රැක්ටරයට හසු වූ සිඟිති පුතුගේ ඛේදවාචකය!
Jaffna
Accident
By Gagana News
පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයට යටවී ඊයේ (03) දහවල් කාලයේදී 11 හැවිරිදි දරුවෙක් චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී ඇති අතර එහිදී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙන් එම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර චුන්නාකම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
