LTTE රත්තරන් රටින් පන්නන්න හැදුවද? වටිනාකම කෝටි ප්‍රකෝටි....!!!!!

Sri Lanka Police Sri Lanka Airport Gold Latest Headlines Sinhala news
By Hashan May 16, 2025 04:33 AM GMT
Hashan

Hashan

Report

කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රුපියල් කොටි 21 ක් වටින රත්රන් තොගයක් රැගෙන ආ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

අදාළ රත්රන් තොගය වාහන අමතර කොටස් තුළ සඟවා මෙරටට රැගෙන විත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.   

ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ 'රක්ත මාවත' ඔස්සේ අදාළ පුද්ගලයන් දෙදෙනා ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් වන අතර අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි.   

ප්‍රතිකාර කරන්න විදුහල්පතිගේ ලියුමක් ඕනියැයි කියූ දොස්තර.....

ප්‍රතිකාර කරන්න විදුහල්පතිගේ ලියුමක් ඕනියැයි කියූ දොස්තර.....

ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන්ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බවයි අනවරණය වී ඇත්තේ.   

කෙසේ වෙතත් අදාළ පුද්ගලයන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.   

එහිදී ඔවුන් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ 6යි ග්‍රෑම් 700ක් බර මෙම රත්‍රං තොගය, වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ, රන් බිස්කට් 21ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාළ ජල පොම්ප කැබැලි තු , ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සඟවාගෙන තිබී ඇත.

ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් අද (16) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගය සමඟ භාර දී තිබෙනවා.

GovPay දැන් ශ්‍රේෂ්ඨාධිකරණයටත්

GovPay දැන් ශ්‍රේෂ්ඨාධිකරණයටත්

ReeCha