හලාවත රෝහලේ වැසුණු බාහිර රෝගී අංශය හෙට සිට යළිත් විවෘතයි
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය හෙට (03) සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙරට පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වය නිසා මෙම රෝහලේ සේවා සැපයීම තාවකාලිකව නතර වී තිබුණි.
නමුත් ඊයේ (01) දිනය වන විට රෝහලට විදුලි සැපයුම යළි ලබාදී ඇත.
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කොග්ගලගේ මහතා සඳහන් කළේ අද (02) දිනය තුළ ජල සැපයුමද යලි ලබා දුන් බවයි.
තවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම රෝහල තුළ හානියට පත්වූ සෙසු සියළු අංශ ක්‍රමයෙන් මහජන සේවා සඳහා ලබා දීමට හැකිවන පරිදි කඩිනමින් ස්ථාපිත කරන බවයි.