යූරියා ලංකාවට එන දිනය වෙනස් වෙයි..නව මිලත් මෙන්න.

By Aruna Jul 05, 2022 05:51 AM GMT
Report

යූරියා මෙට්‍රික් ටොන් 40,000 නැවක් ශ්‍රී ලංකාවට මේ මස 06 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබූ යූරියා පොහොර නැව කොළඹ වරායට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගම සඳහන් කරයි.

ඒ අනුව, මුහුදු සුළං තත්ත්වයේ බලපෑම මත යූරියා පොහොර නැව ලබන 09 වැනිදා රාත්‍රි කොළඹ වරායට පැමිණීමට නියමිත බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන පැවසීය.

ඕමානයේ “sou OMAN” නමැති වරායෙන් පොහොර තොගය රැගත් නැව පෙරේදා (03 වැනිදා) පිටත්වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

මෙම නැව මේ මස 06 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළ අතර පසුව කොමර්ෂල් පොහොර සමාගම විසින් කියා සිටියේ පොහොර නැව මේ මස 08 වැනිදා කොළඹ වරායට පැමිණෙන බවය.

ඉන්දියානු සාගර කලාපයේ පවතින අධික සුළං තත්වයේ බලපෑම මත යූරියා පොහොර නැව මෙරටට මේ මස 09 වැනිදා රාත්‍රියේ පැමිණීමට නියමිත බවත්, එම නැවෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් රැගෙන එන බවද සභාපතිවරයා කියයි.

ඕමානයේ සිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් හතළිස් දහසක් මෙම මස 8 වැනිදා ලැබෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (04 වැනිදා) පැවසීය.

වෙළෙඳපළේ රුපියල් හතළිස් දහසක් වන මෙම පොහොර මිටියක් ගොවීන්ට රුපියල් දසදහසකට ලබා දෙන බව ද ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now