සා.පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල වලට කළ වංචාවක් එළියට.

Ministry of Education G.C.E. (O/L) Examination Education
By Wayomi Nov 29, 2023 06:51 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල ලේඛනවලට සමාන ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කළ 4 දෙනෙකු කෑගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

මෙරට විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයන්..

මෙරට විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයන්..


එහිදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කළ පුද්ගලයෙකු සහ ඔහුට සහය වූ තවත් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් වයස අවුරුදු 21 ත් 55 ත් අතර වයස්වල පසුවන හකහින්න, හෙට්ටිමුල්ල සහ අලපලාව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

එමෙන්ම වැටලීමේදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන තොගයක්, පරිගණකයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ඡායාරූප මුද්‍රණ යන්ත්‍රයක් සහ තඹ මුද්‍රාවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ReeCha