ආයෙත් අහස උසට පොල් මිල පොල් හිගයක්?

Report

පසුගිය කාලසීමාවේ පොල් අස්වැන්නට සතුන්ගෙන් හානි සිදුවීම නිසා පොල් හිගයක් වෙළඳපල තුල නිර්මාණය විය.ඒ අනුව පොල් නිෂ්පාදනය අඩු වු අතර මිල වැඩිවිය. දැන් පවතින නවතම තත්වය අනුව මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න අඩු වී තිබෙන බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි. ඔහු කියා සිටියේ වාර්ෂික පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් මේ වසරේදී එම ප්‍රමාණය ගෙඩි මිලියන 246කින් අඩු වී ඇති බවයි.

තීරු බදු නිසා ඇමරිකාවේ හොඳ හිත ගන්න බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගනී?

තීරු බදු නිසා ඇමරිකාවේ හොඳ හිත ගන්න බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් මිලදී ගනී?

පොල් දෙසතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ කිසිඳු හේතුවක් මත පොල් ගස් කැපීම නීතියෙන් තහනම් බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙරට අක්කර ලක්ෂ 11ක පමණ භූමි ප්‍රමාණයක පොල් වගාව සිදු කරන අතර මෙරට පොල් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන කුරුණෑගල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව පොල් වගාව බහුලව සිදු වන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.