තියෙන වතුරවලින් වාහන හෝදන්න පැළවලට වතුර දාන්න යන්න එපා, මේ දවස්වල වතුර පරිස්සම් කරගන්න
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා උස්බිම් ප්‍රදේශවලට පානීය ජලය බෙදාහැරීමේ ගැටලු ඇති වූවහොත් බව්සර් යොදා ජලය බෙදාහැරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.
ඒ අනුව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වජිරා තිරාණගම මහත්මිය විසින් රටේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාළගුණික තත්ත්වය නිසා ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව පවසයි.
ඒනිසා වාහන සේදීම්, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට පානීය ජලය භාවිතා කිරිම අවම කරන මෙන් දන්වා සිටියි.
එසේම අත්‍යවශය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වජිරා තිරාණගම මහත්මිය ජනතාවට උපදෙස් දී ඇත.
ඒ අනුව ඇය පවසා ඇත්තේ, "වැසි තත්ත්වය අඩු වීමත් සමගම අධික උෂ්ණත්වයක් ඇතිවීම නිසා ජනතාවගේ ජල පරිභෝජනය සීඝ ලෙස ඉහළ යමින් පවතිනවා. නමුත් ජල සම්පාදන මණ්ඩලයේ නිෂ්පාදන කටයුතු කළින් පැවතියාටත් වඩා වැඩි මට්ටමකින් කරගෙන යනවා. අපේ අනෙකුත් ආයතන සමග එකතු වෙලා හොඳ ජල කළමනාකරණයක් කිරීමට කටයුතු සලස්වලා තියෙනවා ඒ සමගම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොහොම අරපිරිමැස්මෙන් ජලය පාවිච්චි කරන්න කියලා. ඉදිරියට ඇතිවිය හැකි අවදානම් තත්ත්වයෙන් එතකොට මිදෙන්න පුළුවන්. සමහරවිට උස් බිම් ප්‍රදේශවලට වතුර නොයන්න පුළුවන්. අපේ ජල කුලුනුවල ජල මට්ටම පහළ ගියාම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් උස් බිම් ප්‍රදේශවලට ජලය ලබා දෙන්න අපි මේ වෙද්දි පියවර අරගෙන තියෙනවා. බවුසර් යොදා ගනිමින් ඒ වැඩකටයුතු අපි කරනවා." යනුවෙන්.
