“...ඒක නම් මාරම දවසක්...!” - දඟ බෝනික්කිවත් එක්කගෙන, පුංචි තිරයේ හරි අපූරූ ජෝඩුව චතුරිකායි ගයානුයි, ගිය ගමන මෙන්න - (PHOTOS)

By Sithumi Feb 19, 2022 06:32 PM GMT
Sithumi

Sithumi

Report

ගයාන් වික්‍රමතිලක කියන්නෙ පුංචි තිරයෙන් ඔබ මු‍ණගැහුණු හැමෝම දන්න හඳුනන රංගන ශිල්පියෙක්. පසුකාලීනව සිනමාවටත් පිවිසි ගයාන්, චිත්‍රපට සීමිත සංඛ්‍යාවකට (6කට.) සිය රංගන දායකත්වය ලබා දුන්නා. එසේම ඔහු දේශපාලන පිටියට පැමිණීමටත් යම් උත්සාහයක නියැලුණා. පළමු විවාහයෙන් වෙන් වූ ගයාන්ගේ අත ගත් සුරූපිනිය වුණේ චතුරිකා පීරිස්. දැන් මේ දෙන්නාට පුංචි දියණියකුත් ඉන්නවා. ඉතින් දැන් ඔවුන් ගෙවන ජිවිතේ සහ අලුත් තොරතුරු ගැන ඔහු අපිට කියන්නේ මේ විදිහටයි.

ජීවිතේට ආදරේ කරන්න හිතෙන තරමට එයා මාව වෙනස් කළා. හේතුව චතුරිකායි මායි දෝණියි තුන්දෙනාගෙම තියෙන ලින්ක් එක. මමයි දෝණියි විතරක් නෙවෙයි අම්මත් බලපානවා. දැන් මම කන බොන තැනක දේශපාලනය කතා කරන් නෑ. අනවශ්‍ය කතන්දර කියාගෙන ආවොත් දෝණි එක්ක කාලේ ගත කරන්න යනවා. ඒ බොන්ඩ් එකත් එක්ක මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනවා.මම හැමදාම මට වුවමනා දේ කළ මනුස්සයෙක්. මේ ක්ෂේත්‍රය පොඩියි

. මිනිස්සු කටකතා හදනවා. මෙයා මෙහෙමයි අරෙහෙමයි කියලා. මේක ඇතුළේ කල්ලිවාදයක් තියෙනවා. ඒක ඇතුලේ මම පොරක් නොවෙන්න ඇති. ඒ නිසා වෙන්නැති මම ඈත් වෙන්න හේතුව.අද මම මෙහෙම ඉන්න ඒ වගේ බිරිඳක් ලැබුණු එක වටිනවා. මං වගේ මනුස්සයෙක් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. චතුරිකා පොඩි පොඩි දේවල් අල්ලන් මගේ ඔලුව කන කෙනෙක් නෙවෙයි. අපේ ෆැමිලි එක ඇතුළේ බොන්ඩ් එක හදන්නෙ චතුරිකා

. මම ගන්න තීරණ වලට එයාගේ බලපෑමක් නෑ. හොඳයි නම් හොඳයි, නරකයි නම් නරකයි කියනවා..මගෙත් වැරදි තියෙන්නෙ ඇති. ඒ පැත්තෙත් වැරදි තියෙන්න ඇති. හැබැයි මම හිතනවා, ගැළපෙන් නැති අය ගහමහරාගෙන, ප්‍රශ්න ඇති කරගෙන, එකිනෙකා මරාගෙන ජීවත් වෙනවාට වඩා අයින් වෙන එක හොඳයි. එතැනදි හැඟීම්බර වෙන්න නරකයි. දරුවෝ ඒ දේවල් දකිනවා, කතා නොකර ඉන්නවා දකිනවා… ගහ මරාගන්නවා දකිනවා. එහෙම ජිවත් වෙලා වැඩක් නෑ. ඒකයි මම දේශපාලනයෙන් අයින් වෙන්න හේතුව. මම තව අවුරුදු 25ක් ජීවත් වෙයි. ඔය 25 ඇතුළේ මට රටක් ලෝකයක් වෙනස් කරන්න බෑ

..පුතාලා දෙන්නත් එක්ක තියෙන ගනුදෙනුව ගොඩක් අඩුයි. ඒකට සමහර වෙලාවට ඒගොල්ලො ඉන්න පරිසරයත් බලපානවා ඇති. ඒගොල්ලො වෙනුවෙන් මම මගේ යුතුකම් ඉෂ්ඨ කරගෙන යනවා, පුලුවන් විදිහට. එතනින් එහාට මම ඒගොල්ලොන්ට බලපෑම් කරන් නෑ. මම අවස්ථා කිහිපයකදී කතා කළා, එන්න නංගි බලලා යන්න කියලා. ලොකු කැමැත්තක් නෑ ඒකට.

. මම ආසයි ඒ දෙන්නයි ආරාධනයි තුන්දෙනයි එකට ඉන්නවා බලන්න. තාත්තා කෙනෙක් හැටියට ආස වුණත් එතනට ගන්න අමාරුයි. ඒක සමහරක් විට එයාලා වැඩිහිටි වෙලා රස්සාවක් කරනකොට, තීරණයක් ගන්න පුළුවන්. අද ඒගොල්ලෝ ඉන්නෙ වෙන අය තීරණ ගන්න තැනකනේ.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha