චන්ද්‍රිකා මැතිණිය වෙනුවෙන් පැවැත්වුණු විරෝදතාව..
Srilanka Freedom Party
Sri Lanka
By Sithumi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව අද විරෝධතාවයක් පැවැත්වුණා.
ඊට අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ශාඛා සමිති නායකයින් ඇතුළු පිරිසක් ඵක්ව සිටියා. අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාල පරිශ්‍රයේ සිට හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය දක්වා ඔවුන් පෙළපාලියකින් පැමිණ විරෝධතාවයේ නිරත වී තිබෙනවා.
වැඩිදුරටත් සදහන් වන්නේ ඉන් අනතුරුව එම සමාධිය ඉදිරිපිට මහා මාර්ගයේදී දේව කන්නලව්වක් සිදු කරමින් ඵම පිරිස පොල් ගැසූ බවයි.
විරෝධතාවේ නිරත වූ පිරිස කොළඹ නුවර ප්‍රධාන මාර්ගයද ඵම ස්ථානයෙන් අවහිර කිරීමට උත්සාහ කළද පොලිසිය එයට භාදා එල්ල කලා.
