තරු පහේ හෝටලයේ උපන් දින සාදයට එක්වූ 13 දෙනාට ඇප
නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝණය කරමින් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කොළඹ තරු පන්තියේ හෝටලයක සංවිධාන කර තිබූ උපන්දින සාදයට එක්වූ 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය එම පුද්ගලයින් 13 දෙනාට ඇප ලබාදුන් බව හිරු ප්‍රවෘත්ති අධිකරණ වාර්තාකරු සඳහන් කළා. මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක් සහ ඇයගේ සැමියා ද සිටියා.
චමල් ශුශාන්ත ගුණසේකර වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ පුත්‍රයෙක්. නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝණය කරමින් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කොළඹ තරු පන්තියේ හෝටලයක සංවිධාන කර තිබූ උපන්දින සාදයට එක්වූ 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන අද කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය එම පුද්ගලයින් 13 දෙනාට ඇප ලබාදුන් බව හිරු ප්‍රවෘත්ති අධිකරණ වාර්තාකරු සඳහන් කළා. මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක් සහ ඇයගේ සැමියා ද සිටියා.
චමල් ශුශාන්ත ගුණසේකර වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ පුත්‍රයෙක්. කොළඹ කොටුව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය තුල කෑ ගසමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි.
එහිදී මෙම පුද්ගලයා ඔහුට ඇති දේශපාලන සම්බන්ධකම් පිළිබඳ ප්‍රකාශ කළ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |