චන්දිමාල් සහ පියුමි හංසමාලි සංවිධානය කළ සාදයට ආ තවත් 7ක් අත්අඩංගුවට.

Police Chandimal Ajithi Rohana Hansamali
By Aruna Jun 02, 2021 08:49 AM GMT
Report

 පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක පැවති උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 7දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 15ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියදුරුවරයා අද (02) දින අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දී අන්තරාදායක රිය පැදවීම යන කරුණු හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි.

You may like yhis video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now