චමුදිතට මිලියන 500ක නඩුවක් වැටිලා...හෙට අධිකරණයටත් යන්න වෙයි..
Sri Lanka Police
Sri Lanka
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Aruna
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට අපහාස වන ආකාරයට පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවූවායි කියමින් හිරු රූපවාහිනී ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව පවරන ලද නඩුව මෙම මස 18 වන අගහරුවාදා දින පෙරවරු 9 ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබෙන බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පවසා සිටියා.
මේ හේතුවෙන් ශානි අබේසේකර මහතා විසින් තමාට සිදු වූ අලාභය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සහ හිරු රූපවාහිනී නාලිකාව වග උත්තරකරුවන් කරමින් ඉල්ලා ඇති වන්දිය රුපියල් මිලියන 500ක් බවත් සදහන් කලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |