චමුදිතට ඇතැයි කියන මරණ තර්ජන ගැන වහා පියවර ගන්න – තරුණ මාධ්‍යවේදියෝ පොලිස්පතිට කියයි

Sri lanka journalist Chamuditha
By Sithumi Jun 06, 2021 11:42 AM GMT
Sithumi

Sithumi

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිලි කර නැති බව ද සමරවික්‍රම මහතා එම වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.

ඔහුගේ ප්‍රකාශය සත්‍යයක් නම් ඔහු සිටින්නේ දැඩි අනාරක්ෂිත වටපිටාවක බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිට තිබේ පොලිස්පතිතුමා, පොලිස් මූලස්ථානය, කොළඹ. පොලිස්පතිතුමනි, *චමුදිත සමරවික්‍රම මහතාට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙනි* තමාට ජීවිත තර්ජනයක් ඇති බවත්, කිසියම් පිරිසක් තමා මරා දැමීමට උත්සාහ කරන බවත් මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිරු රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදියකු බව කියන සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරවකු වන චමුදිත සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය සත්‍යයක් නම් එය බරපතල තත්ත්යකි.


චමුදිත සමරවික්‍රම මහතා⁣ගේ මාධ්‍ය භාවිතාව ගැන අප සංගමයටත් යම් විවේචනයක් තිබුණ ද ඔහුගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ ඔහුගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කළ යුතු බව අපි අවධාරණය කරමු. ඔහුට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිලි කර නැති බව ද සමරවික්‍රම මහතා එම වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.

ඔහුගේ ප්‍රකාශය සත්‍යයක් නම් ඔහු සිටින්නේ දැඩි අනාරක්ෂිත වටපිටාවක බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

චමුදිත මහාතාගේ ප්‍රකාශය ඇතුළත් වීඩයෝව මේ සමඟ ඇත. මේ ගැන ඔබගේ කඩිනම් මැදිහත්වීම අපි අපේක්ෂා කරමු. සතුතියි මෙයට, විශ්වාසී, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය