පාර්ලිමේන්තුවට ගිනි තැබීමට උත්සාහ කළ පක්ෂයක් අද නීතිය ගැන කතා කරනවා - චම්පික

Champika Ranawaka Latest Headlines Sinhala news Colombo politics heat up Ranil Wickremesinghe Arrested
By Shehan Aug 24, 2025 08:41 AM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීම පදනම් කරගනිමින්, විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, එක්සත් ජනරජ පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා, වත්මන් මාලිමා රජයට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළේය.

ඔහු පැවසුවේ,

“රනිල් වික්‍රමසිංහ මහතාගේ බන්ධනාගාරගත කිරීම යොදාගෙන රජය උත්සාහ කරන්නේ ‘සියලු දෙනා නීතියට යටත්, ඊට ඉහළින් කිසිවෙක් නැත’ යන මතයක් රට තුළ ගොඩනැගීමට බවයි. එසේම, හිටපු ජනාධිපතිවරුන් හෝ බලවත් ආගමික නායකයන් පවා නීතියට යටත් බවත්, දූෂණයට ඉඩක් නැති බවත් රජය පෙන්වීමට උත්සාහ කරනවා”

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

කෙසේ වුවත්, රජයේ කැබිනට් අමාත්‍යවරුන්ට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මාස ගණනක් ගතවුවත්, පොලිසියට එම චෝදනාවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට හැකියාවක් නොලැබුණු බව රණවක මහතා චෝදනා කළේය. එසේම, ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඇතිවූ ‘කන්ටේනර් සිදුවීම’ සම්බන්ධයෙන් විගණනයක් සිදුකරන ලෙස යෝජනා වූ නමුත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද ඔහු පෙන්වා දුන්නේය.

“මෙවැනි පරිසරයක, ‘නීතිය කාටත් සමානයි’ යන කාරණයට වඩා, සෘජු දේශපාලන පළිගැනීමක් පැහැදිලිව දිස්වනවා. මෙය ආරම්භ වුණේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපහාසාත්මක ලෙස රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන්”

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

එමෙන්ම, වත්මන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරියගේ චාරිකා, ගමන් බිමන්, විදේශ ගමන් සඳහා වැය කරන පොදු දේපළ, එසේම ජනාධිපතිවරයා විදේශ සමාගම්වලට ලබාදී ඇති ට්‍රිලියන ගණනක බදු සහන පිළිබඳව ද රණවක මහතා ප්‍රශ්න කළේය.

ඔහු 1982දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පොදු දේපළ ආරක්ෂා කිරීමේ පනත හඳුන්වාදුන් බව සිහිපත් කරමින්, එය ත්‍රස්තවාදීන් විසින් රජයේ දේපළවලට සිදුකළ හානිවලට එරෙහිව නඩු පැවරීමට ගෙන ආ බව පැවසීය.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

එමෙන්ම, 1982දී ඉරානයේ සිට පැමිණි නැව්වලට ගිනි තැබූ බවට චෝදනා ලැබූ පක්ෂයක්, 1987-89 කාලයේ පොදු දේපළ විනාශ කළ බව ආඩම්බරයෙන් පිළිගත් පක්ෂයක්, 2022දී පාර්ලිමේන්තුවට ගිනි තැබීමට උත්සාහ කළ පක්ෂයක්, රනිල් වික්‍රමසිංහ මහතා පොදු දේපළ විනාශ කළා යැයි චෝදනා කිරීම “ඉතිහාසගත විහිළුවක්” බවත් ඔහු අවධාරණය කළේය.

මහින්දගේ අත්අඩංගුව ගැන ආරක්ෂක ඇමති කට අරී

මහින්දගේ අත්අඩංගුව ගැන ආරක්ෂක ඇමති කට අරී