ගුවනින් සුරුවිරුකම් පාන ගුවන් සංදර්ශනය අද සහ හෙට

Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අද (7) සහ හෙට (8) දිනයේදි ද පැවැත්වේ.

 එම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ආරම්භ කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ගුවන් හමුදා කඳවුර වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගත් බවයි .

එහිදී, විශේෂ ගුවන් සංදර්ශනය නැරඹීමට එක් වූ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක්වී තිබේ ජනාධිපතිවරයා ගුවන් හමුදා කෞතුකාගාරයේදී විශේෂ සමරු සටහනක්ද තැබු බවත් එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 75ක ගෞරවනීය සේවාව මහජනතාව සමඟ බෙදාගැනීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය සංවිධානය කර ඇත ගගන ශිල්පීය හා ගුවන් තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනික වශයෙන් වැදගත් විවිධ කුටි රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

  ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා සමීපව දැකගැනීමට හා ඒවා පිළිබඳ තාක්ෂණික තොරතරු දැන ගැනීමටත් මෙහිදී අවස්ථාව හිමි වේ.

මැදපෙරදිග බිහිසුණු යුධ ගැටුම් මැද ඉරාන නෞකාවේ පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

මැදපෙරදිග බිහිසුණු යුධ ගැටුම් මැද ඉරාන නෞකාවේ පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

එය සුවිශේෂී අවස්තාවකි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේ මෙම ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය අද සහ හෙට පස්වරු 02.00 සිට රාත්‍රි 10.00 දක්වා මහජනතාවට විවෘතව පවතින බවයි .

''ජීවිතේ කියන්නෙ ජයග්‍රහණයන් වගේම පරාජයන් මතින් ලැබෙන අත්දැකීම් වල සම්මිශ්‍රණයක් '' ජීවිතේ දිනන්න ඩඩ්ලිගෙන් පාඩමක්

''ජීවිතේ කියන්නෙ ජයග්‍රහණයන් වගේම පරාජයන් මතින් ලැබෙන අත්දැකීම් වල සම්මිශ්‍රණයක් '' ජීවිතේ දිනන්න ඩඩ්ලිගෙන් පාඩමක්