ජාත්‍යන්තර කාන්තා දින සැමරුම හෙටයි

Report

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ උත්සවයක් මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර  තිබේ.

''පොහොසත් රටක අභිමන ඇයවෙයි ''දැයක පෙරමග යන තේමාව යටතේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ මෙය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයට අනුබද්ධිත කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් 1500 දෙනෙකකුගේ පමණ සහභාගීත්වයෙන් එය පැවැත්වේ.

මෙවර කාන්තා දිනයට සමගාමීව දිවයින පුරා සිටින ව්‍යවසායිකාවන් අතුරින් දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් හොඳම ව්‍යවසායිකාවන් තෝරා ඇගයීම ද සිදු කරනු ලබයි .

ඊට සමගාමීව ව්‍යවසායිකාවන් 200 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ලිය ශක්ති කාන්තා ව්‍යවසායක අලෙවිපොල මාතර වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී පවත්වා තිබේ.

මේ අතර ජාත්‍යන්තර කාන්තා දින තවත්   සැමරුම හෙට ( 8) ප්‍රධානත්වයෙන් කොළඹ පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ හා අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සූදානම් කර තිබේ .

ජාතික ජනබලවේගය සංවිධාන කරන මෙම සැමරුම් උත්සවය හෙට (8) පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතව ඇත.