රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.
බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කළ රථය මෙලෙස එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අද අලුයම 12.45ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.
රාජ්‍ය අමාත්‍යවරයා මහියංගනය ප්‍රදේශයේ සිට ඇල්ල ප්‍රදේශය දක්වා පැමිණෙමින් සිටියදී මෙම ගිනිගැනීම සිදුව තිබේ.
කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.