රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන් - සුද්ද සිංහලෙන් කිව්ව චාමර

Report

අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කය මුහුණ දුන් තත්ත්වය පැහැදිලි කරමින් ඒ සම්බන්ධයෙන් රජ‍යේ අවදානය යොමු විය යුතු ආකාරය ද සිහිපත් කළා.

එහිදී ඔහු පසුගිය දින හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අතින් සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවා.

ඔහුගේ බීමත්භාවය පිළිබඳව සෙවීමට නැවත බැලුම් පුම්බා පරීක්ෂණ අනවශ්‍ය බවත් ඔහුගේ මුහුණින්ම ඔහු බීමත්ව සිට ඇති බව ඔප්පු වන බවත් ඔහු සඳහන් කළා. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ,

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

ඇමති විජිත රන්වලව සුද්ද කරයි - රන්වල බීල නැහැ.. ඒකයි ඇත්ත.. තරුණයාගේ ජීවිතය බේරගන්න ගිහින් රන්වල අමාරුවේ..

" අද වෙන කොට බදුල්ල දිස්ත්‍රික්කය ගැන මන් කතා කළොත් බදුල්ල දිස්ත්‍රික්ක‍යේ භාගෙට භාගයක් මේ ආපදාවට ලක් වෙලා ඉවරයි. පාරවල් ඉවරයි, ගෙවල් ඉවරයි. හග්ගල මල්වත්ත ගාව පාරෙ බස් එක නවත්තලා පාර ඇරියා කියලා කිව්වා. හැබැයි බස් එක තාම අවදානම්. ඒ වගේම ලුණුගල,19 කණුවෙ බස් එකෙන් බැහැලා මිනිස්සු අනිත් පැත්තට ගිහින් යනවා ඒ වුණාට පාර තාම අවදානම්. ඒ වගේ ලොකූ වැඩකොටසක් ඕගොල්ලන්ට කරන්න ඉතුරු වෙලා තියෙනවා. බිලියන 500ක නෙවේ බිලියන 1000ක 2000ක ලොකූ වැඩකොටසක් කරන්න ඕගොල්ලන්ට ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේකත් කියන්න ඕන. රන්වල මහත්තයත් ආපදා අස්සෙම දැන් ආපදා දෙකක් කරගත්තා. එකක් ඔය පුටුවෙන් ආපදාවක් කරගෙන අයින් වුණා. ඊට පස්සේ ගිහිල්ලා තවත් ආපදාවක් කරගත්තා. රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ. රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන්. බොන මිනිහගේ මූණේ හොඳට පේනවා මෙයා බොනවද මෙයා නොබොනවද කියලා. ඒ නිසා රන්වල මහත්තයාගේ ආය බැලුම් පුම්බන්න ඕන නෑ එයා කොහොමත් බොනවා බඩු දාන කෙනෙක් තමා. එයාගේ මූණ දැක්කහම පේනවා. ඒ නිසා කියන්න ඕනි මේ වෙලාවෙදි රන්වලට එකක් අනිත් මිනිස්සුන්ට එකක් වෙන්න බෑ මේ වෙලාවෙදි. නීතිය කාටත් පොදුයි." යනුවෙන්.

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

රන්වල අනතුරේ පොලීසියේ පැටිකිරිය ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

"මම ඉහළම තැනට ගිහින් ඉවරයි - නායකත්වය මට එපා.. මම අයින් වෙන්නම්" - රනිල් සමුදෙයි

"මම ඉහළම තැනට ගිහින් ඉවරයි - නායකත්වය මට එපා.. මම අයින් වෙන්නම්" - රනිල් සමුදෙයි